SexEducation
ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති එහෙත් හැමෝම කැමති sex
sex කියන වචනෙත් සමහරෙකුට මහා අසභ්‍ය වචනයක් වෙන්න පුළුවන්. මොක ද මේ සමාජය තුළ ිැං කියලා වෙන් කර ගෙන ඉන්නේ වෙනමම දෙයක් සහ එය අරුත් ගන්වාගෙන තියෙන්නේ නරක දෙයක් කියන ගොඩට ඇතුළත් කරගෙන නිසා.
කෙනෙකුගෙන් ඇසුවහොත් ිැං කියන්නෙ මොකක් ද? මොනව ද? කියලා ඒකට පිළිතුරු දීමට ද නොහැකි වෙයි. එය කුමක් ද යන්න වටහාගෙන සිටිය ද පැහැදිලි පිළිතුරක් ලබාදීමට ඇතැමෙක් අසමත් විය හැකි ය.
බොහෝ දෙනෙක් ිැං යන මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉදිරිපත්වීමට පවා දක්වන්නේ ලජ්ජාශීලි බවකි. එසේම ිැංවලට කැමති කවු ද කියලා ප්‍රසිද්ධියේ ඇසුවහොත් කිසිවෙකු ඒ සඳහා පිළිතුරු ලබාදීමට ඉදිරිපත් නොවෙයි.
රහස්‍යභාවය සුරැකෙන අන්දමින් ිැං සඳහා කැමති අය පිළිබඳ තොරතුරු රැස් කරන සමීක්ෂණයක් සඳහා තොරතුරු ලබා ගන්නා බව සඳහන් කළ විට ඒ සඳහා ඉදිරිපත්වීමට ජනතාව පෝලිමේ පැමිණිය හැකි ය. ලිංගික සබඳතා, ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට ඉදිරිපත් නොවුණ ද මිනිසා සත්වයෙකු වශයෙන් ලිංගික සබදතා, ලිංගික හැඟීම් සඳහා බොහෝ ඇල්මක් දක්වන පිරිසකි.
ලිංගික ආශා යනු බොහෝ දෙනෙකුගේ සිත තුළ ඇති යහපත් හෝ අයපත් සිතිවිල්ලක් ද වෙයි. බොහෝ දෙනෙක් ලිංගික සබඳතා පැවැත්වීමට විශාල වශයෙන් ඇලුම් කරයි. එලෙස ඇලුම් කරන පුද්ගලයින්ට ඒවා පිරිමසා ගැනීමට නොහැකි තත්ත්ව උද්ගත වූ විට දී විවිධ අපචාර, ස්ත්‍රී දූෂණ ආදි සිදුවීම් බහුල ව සිදු වෙයි. විවිධ අඩුපාඩුවලින් හෙබි පුද්ගලයින් තම තමන්ගේ ඒ අඩපාඩු හේතුවෙන් මතු දිනෙක ලිංගික තෘප්තිය ලබා ගත නොහැකි වේ යැයි මානසික ගැටළුවෙන් පෙළෙයි. එවන් අවස්ථාවල සමාජය තුළ සිදුවන ක්‍රියා හෙවත් ප්‍රතිඵල තවකෙකු සමග පැවසීමට පවා නොහැකි මට්ටමේ සිදුවීම් වාර්තා වෙයි.
ස්ත්‍රීන් ස්නානය කරන ආකාරය දැක බලා ගන්නා පිරිස, යට ඇඳුම් හොර රහසේ රැගෙන යන පිරිස මේ අතරින් ප්‍රධාන වෙයි. මේ ආදි විවිධ දේ සිදු කරන්නේ ඇතැම්විට මානසික රෝගීන් ද විය හැකි ය. එසේ නොමැති නම් එවැනි අවස්ථාවලින් ද යම් තෘප්තියක් ලබන පිරිස් විය හැකි ය.
එහෙත් ලිංගික එක්වීම්, ලිංගිකත්වය, නොහොත් ිැං යන කාරණය ශ්‍රී ලංකාව තුළ කතා බහ කිරීමට ඉදිරිපත් නොවුණ ද ලිංගික අපචාර වැඩි වශයෙන් සිදුවන පාරාදීසයක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. දරුවෙකුගේ කටේ කිරි සුවඳ වියැකී යාමට පෙර එම දරුවන් ග්‍රහණය කර ගැනීමට ඒ පිළිබඳ ඇස ගසා සිටින විකෘති කාමාශා සහිත අති බහුතරයක් වූ පිරිස ඔබ අප අතර සමාජය තුළ වෙස් වළාගෙන ජීවත් වෙයි.
පිටතට පෙන්වන ස්වරූපය ඔවුන්ගේ අභ්‍යන්තරය තුළ නොමැති බැවින් ඔවුන් ව හඳුනා ගැනීමට නොහැකි ය. එහෙත් සිදු විය යුතු සියලු දේ සිදුවීමෙන් අනතුරු ව කඳුළු සලා කෑ මොර දීම පළ රහිත ය. දෙමව්පියන් සිය දරුවන් නිසි ලෙස රැක බලා ගත යුත්තේ ඒ නිසාවෙනි.
එවැනි අපචාර පිටරටවල දී සිදු නොවනවාම නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ තරම් බිහිසුණු දේවල් එම රටවල දී සිදු නොවෙයි. ඒ අන් කවරක් නිසාවෙන් නොව, ඒ රටවල ිැං යනු සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇති නිසාවෙනි. ශ්‍රී ලංකාව තුළ එවැනි සමාජ සංස්කෘතියක් ඇති කිරීම තියා ඒ පිළිබඳ සිතීම පවා අසීරු දෙයකි. එය සාමාන්‍යකරණය කිරීම අපහසු දෙයක් වුව ද එය සාමාන්‍ය දෙයක් බවට පත් වුවහොත් යම්තාක් දුරකට සිදුවන ලිංගික අපචාර ආදිය යම් තරමකින් අවම කර ගත හැකි ය. එහෙත් එය ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගික ලෙස සිදු කළ හැක්කක් නොවේ.
ිැං යනු ප්‍රසිද්ධියේ කතා කිරීමට අකමැති දෙයක් වුවත් ශ්‍රී ලංකාව දෙවරක්ම ටදදටකැ තුළ ිැං යනුවෙන් සඳහන් කර ිැ්රජය කර ප්‍රථම ස්ථානය හිමි කර ගනු ලැබී ය. එමගින් පැහැදිලිවන්නේ මිනිසුන්ගේ දැනුම් මට්ටම ඇත්තේ ඉතා පහළ බව ය. ඉන් නිගමනය කළ හැක්කේ එවැනි දෙයක් හෝ ිැ්රජය කර නිසි ප්‍රතිඵල අත් කර ගැනීමෙන් ද ඔවුන්ට නොහැකිවීම බවයි.
බොහෝ දෙනෙක් ිැං කියන වචනයටත් නොසෑහෙන බියක් දක්වයි. ප්‍රසිද්ධියේ අකමැත්තක් දක්වයි. ිැං යනු ප්‍රසිද්ධියේ අඬ ඛෙර ගසා සිදු කළ යුතු කාරණාවක් නොවන බව සැබෑ ය. එහෙත් ිැං යනු මිනිසුන් වශයෙන් ඒ සඳහා බොහෝ ප්‍රියතාවයක් ඇල්මක් දක්වන පිරිසකි. එය මිනිස් ස්වභාවයයි. උපතේ දී සිට වර්ධනය වෙමින් වැඩෙන මිනිසා දිනෙන් දින විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වෙයි. එය මුලින් ලිංගික ආකර්ශණයක් නොවුණ ද බොහෝ විට නිසි වයසට පැමි”මෙන් අනතුරු ව එහි අවසන් ප්‍රතිඵලය ලිංගික සබඳකමක් විය හැකි ය.
විවාහ වූ යුවළක් අතර සිදුවන ලිංගික සබඳතා පිළිබඳ කිසිවෙකුගෙත් අවධානයට පාත්‍ර නොවෙයි. එහෙත් පෙම් යුවළගේ ලිංගික සම්බන්ධතාවය ශ්‍රී ලංකා සමාජය තුළ බොහෝ අවධානයට සහ කතා බට ලක්වන සිදුවීමකි. එය මේ සමාජ රටාව තුළ සම්මත වූවක් නොවන බැවිණි. එහෙත් තිරෙන් එපිට සිදුවන්නේ එවැනි සිදුවීම් පමණකැයි සඳහන් කිරීමේ වදරක් නොමැත.
සමාජයේ පවතින බොහෝ ආදර සබඳතා සිදුවන්නේ ලිංගිකත්වය සඳහා විශේෂ ස්ථානයක් හිමි කර දෙමින් බව සඳහන් කළ විට ඊට බහුතරය එකඟ නොවුණ ද එහි යථාර්ථය සිය අත්දැකීම් තුළින් බොහෝ දෙනෙක් හොඳින් දන්නා දෙයකි.
බොහෝ අවස්ථාවල දී ආදරය කිරීම යනුවෙන් බහුතරයක් වූ තරුණ පිරිස ආදරය කිරීම යනුවෙන් වටහාගෙන ඇත්තේ ලිංගික සබඳතා පැවැත්වීමයි. එසේම බොහෝ දෙනෙක් සිතන කාරණයක් නම් සියල්ලෙහි අවසානය මෙම ලිංගික සබඳතා බවත් ය. එහෙත් ලිංගික සබඳතා යනු ජීවිතයේ එක් අංගයක් පමණි.
ලිංගික සබඳතා පිළිබඳ දැනුමක් සහ මනා අධ්‍යාපනයක් සිසුන්ට අවැසි දෙයකි. වයස අවුරුදු 14 ට එළැඹෙන සෑම සිසුවෙකුට ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ සෞඛ්‍ය විෂය තුළින් උගන්වනු ලබන්නේ ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ සීමිත වූ තොරතුරු කිහිපයක් පමණි. එහෙත් එම දරුවන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් පමණක හෝ දැනුමක් ඇත් නම් සමාජය තුළ නොදැනුවත්කම හේතුවෙන් සිදුවන ගැටළු යම්තාක් දුරකට අවම කර ගැනීම එතරම් අපහසු දෙයෙක් නොවන්නට පුළුවන.
එහෙත් බොහෝ විට සිට සියලු පාසල්වල ගුරුවරු විසින් ද මෙම පාඩම කුමක් හෝ හේතු කාරණයක් නිසාවෙන් ඔවුන් අතින් හිතා මතා ගිලිහී යන ලෙස කටයුතු කරයි. එය සෙසු පාඩම්වලට උරුම නොවීමත් ලිංගිකත්වය සම්බන්ධයෙන් සිදුවන පාඩම්වලට මෙම එය උරුමවීමත් ගැටළු සහගත ය.
බොහෝ විට 14 හැවිරිදි සිසු සිසුවියන් එම සෞඛ්‍ය පාඩම උගන්වන තුරු මහත් උනන්දුවෙන් පසු වෙයි. ඔවුන් සිටින වයසත් සමගින් ඔවුන්ගේ සිත්වල ඒ සඳහා ඇල්මක් ආශාවක් ඇතිවීම කිසිවෙකුට වැළැක්විය හැකි කාරණයක් ද නොවේ. එහි දී ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට ගුරුවරු කටයුතු කිරීම වටී.
අතීතයේ සිට අද දක්වා, ලෝකයේ පැවැත්ම උදෙසා ස්වාභාධර්මය විසින් යොදා ගන්නා උපායන් ලිංගික ආකර්ශනය යනුවෙන් හදුන්වයි. මිනිසුන් වශයෙන් ගත් විට සියලු දෙනා ලිංගික ක්‍රියාවලි සඳහා දැඩි රුචිකත්වයක් දක්වයි. ඒ සඳහා රුචිකත්වයක් ඇල්මක් දැක්වීම කිසිදු ගැටළුවක් නොවන්නේ එය මානව වර්ගයාගේ ස්වභාවයය බැවින් සහ එය මිනිසාගේ පැවැත්ම ද බැවිණි.
Wmqgd .ekSu wo forK fjí wvúh